Thursday, April 25, 2024

General line - 0115112241

උමාඔය ව්‍යාපෘතියේ වැරදුනු තැන් ගැන අනාවරණයක් - ඉදිරි කටයුතු නෝර්වේ වාර්තාවෙන් පසු




උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ඉරානයේ ෆරාබ් සමාගම මීට පෙර එවැනි ව්‍යාපෘතියක් පිළිබඳ අත්දැකීම් නොමැති සමාගමක් බව හෙළිවි තිබෙනවා. 

උමාඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීමේ අමාත්‍ය අනුකමිටුව දැනට කර ඇති සොයාබැලීම්වලදී එය හෙලි වී ඇති බවයි  එම කමිටුවේ සාමාජික මහින්ද අමරවීර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ. 

කෙසේවෙතත් උමාඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළයුතු ව්‍යාපෘතියක් බවද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා. 

තාවකාලිකව නතර කර ඇති ව්‍යාපෘතියේ කටයුතු විශේෂඥ උපදෙස් අනුව ඉදිරියේදී ආරම්භ කරන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළා.