Saturday, April 20, 2024

General line - 0115112241

ඛනිජ තෙල් සේවක වර්ජනය තාවකාලිකව නවතී




ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය ලබන සිකුරාදා දිනය දක්වා අත්හිටුවා තිබෙනවා. 

ඒ, අද පස්වරුවේ විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය සමාගමකට පැවරීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට ඉකුත්දා තීරණය කළා.