Wednesday, April 24, 2024

General line - 0115112241

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ කථාව ගැන ඇමති අමරවීර සහ මන්ත්‍රී නිශාන්ත වාදයක(EXCLUSIVE)




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභූත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මේ බව කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මසක් ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට අමාත්‍ය  මහින්ද අමරවීර සිදු කළේ යැයි කියන ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. 

අගමැති ධුරය අපේක්ෂාවෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ සිදු කරන බව ද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කියා සිටියා. 

මහින්ද අමරවීර අපේ පක්ෂ මහා ලේකම්තුමා කියල තිබුණා අපේ මන්ත්‍රීවරු හා නියෝජ්‍ය ඇමතිවරු කණ්ඩායමත් එක්ක ඔයාලා නිකන් අමරුවේ වැටෙන්නයි යන්නේ...
හෙට අනිද්දා වෙනකොට මහින්ද රාජපක්ෂ  ගෝඨාභය රාජපක්ෂ මේ කට්ටියම හිරේ යන්න බලන් ඉන්න ඕන. මේ මාස 2 අතුළත අනිවාර්යයෙන්ම හිරේට දානවා කියලා. මේ සම්බන්ධයෙන් අපිට අහන්න තියෙන්නේ රාජකාරි කරන්නේ පොලිසියද ? මේ වගේ නොකරපු වැරදි වලට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ ජනතාවත් එක්ක ජීවිත පූජා කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් දහපාලොස් දෙනෙක් ඉන්නවා!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඊයේ මහනුවර දී කියා සිටියේ තමන් මසක් ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. 

ගෝඨාභය රාජපක්ෂ  හිටපු ආරක්ෂක ලේකම්තුමා කරන ලද ප්‍රකාශය මම තරයේ ප්‍රතිකේෂ්ප කරනවා.
ඒ වගේම එතුමාට වැරදි තොරතුරු කවුරු හරි ලබා දී තිබෙන්නේ මේ වගේ කිසිදු සිදුවීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කිරීමක් කිසිදා වෙලා නෑ. මොකද මම රාජපක්ෂ වරුන් එක්ක දේශපාලනය කරපු කෙනෙක්. ඒ අයව හිරේ දාලා සතුටු වෙන්න තරම් තත්වයේ කෙනෙක් නෙමෙයි. මේක මම හිතන්නේ ජනාධිපතිතුමා ප්‍රශංසා කිරීමේන් පසුව මට එල්ල කරපු  ප්‍රහාරයක්.