Wednesday, April 17, 2024

General line - 0115112241

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදයි




ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. 

සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් ඇසළ පොහෝ දිනයේ සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. 

ඇසළ පොහොය යනු බුද්ධ ශාසනයේ ආධ්‍යාත්මක ගමනේ ආරම්භය සනිටුහන්වන දිනය ලෙස ද සැලකෙනවා. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ ඇසළ පුර පෝදා ස්වේත පූජා වැඩසටහන අහංගම තිත්තගල්ල ගුරුල්ලවල පුරාණ විහාරස්ථානයේ සිට අද දවස පුරා ක්‍රියාත්මක වනවා. 

උදෑසන 6.00ට උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් එම කටයුතු ආරම්භ වුණා. 





 

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු පිංකම් රැසක් මේ යටතේ ක්‍රියාත්මක වන අතර එම වැඩසටහන් නෙත් එෆ් රේඩියෝව ඔස්සේ සජීවිව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණ්‍යොත්සවයේ වැසි සළු පූජා කිරීමේ පිංකම හෙට සිදු කිරීමට නියමිතයි. 

පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් වැඩ සිටින පිලියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේදී හෙට පස්වරුවේ එම පිංකම සිදු කෙරෙනවා.