Thursday, April 25, 2024

General line - 0115112241

සිම්බාබ්වේ යළිත් ජයපැන් බොයි (UPDATE)




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව් වන එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තා.

ඒ,ඩක්වත් ලුවිස් න්‍යාය අනුවයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර  නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වුණා.


ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 209ක සබඳතාවයක් එක් කරනු ලැබුවා.  


සිම්බාබ්වේ කණ්ඩායම  පන්දුවට පහරදෙමින් සිටින විට වර්ෂාව ඇතිවූ අතර  ඩක්වත් ලුවිස් න්‍යාය අනුව  පන්දුවාර 31කට තරගය සීමා කෙරුණා.


ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ඒ අනුව පන්දුවාර 10ක් තුළ ලකුණු 80ක් ලබාගත යුතු වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ජය හිමිකර ගත්තා.

ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.


 

...........................................

ලංකාව 300ක් ගැහුවත් සිම්බාබ්වේ  ඉලක්කය 219ට බසී

08-07-2017 17:20

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර  පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ විසඳුම ඩක්වත් ලුවිස් ක්‍රමයට විසඳීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පන්දුවාර 31කට තරගය සීමා කර තිබෙනවා.

ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ඒ අනුව පන්දුවාර 10ක් තුළ ලකුණු 80ක් ලබාගත යුතුයි.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා.

ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.

.........................

සිම්බාබ්වේ කණ්ඩායමට 301ක ඉලක්කයක්

08-07-2017 13:20

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව් වන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 209ක සබඳතාවයක් එක් කරනු ලැබුවා.  

ධනුෂ්ක ගුණතිලක ලකුණු 87ක් ලබා ගත්තා.

නායක ඇන්ජලෝ මැතිව් වේගවත් ලකුණු 42ක් ලබා ගත් අතර උපුල් තරංග ලකුණු 22ක් රැස්කර ගත්තා.  

මේ අතර මෙම තරඟයේදී නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුණි.

---------------------------------------

දික්වැල්ල ධනුෂ්ක එක්දින ඉතිහාසයේ ' පළමු ක්‍රීඩකයන් දෙදෙනා වෙමින්' අද පිහිටවූ නවතම ලෝක වාර්තාව මෙන්න (08-07-2017 13:20)

නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අද (08) හම්බන්තොට පිටියේදී ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

ඒ,ආරම්භ පිතිකරු යුගලයක් ලෙස පළමු කඩුල්ල වෙනුවෙන් පිටපිටම ලකුණු 200 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයන් දෙදෙනා වෙමින්.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 116ක් ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 87ක්ද අද ලබා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන  ශ්‍රී ලංකාව මේ  වන විට කඩුලු  5ක් දැවී ලකුණු  265ක් ලබා සිටිනවා.

මේ වනවිට තරගයේ ක්‍රියාත්මක වන්නේ 46වන පන්දු වාරයයි.

තරගයේ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.

......................................

දික්වැල්ල අදත් සියයයි - ආරම්භක පිතිකරුවන් නොදැවී අදත් සටනේ 

08-07-2017 12:20

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගයේදී නිරෝෂන් දික්වැල්ල සිය එක් දින ක්‍රිකට් දිවියේ දෙවන ශතකය ද අද (08) ලබා ගත්තා. 

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද හම්බන්තොට පැවැත්වෙන තරගයේදී. 

පෙරේදා (06)  දිනයේදී  ද ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ තරගයේදී ආරම්භක පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන දෙදෙනාම  ශතක ලබා ගැනීමද විශේෂත්වයක්.

මේ වන විට ලකුණු පුවරුව පහතින්  දැක්වෙනවා.



---------------------------------

ධනුෂ්ක දික්වැල්ල අදත් වැඩ පෙන්නූ හැටි - පළමු කඩුල්ල නොබිඳේ (UPDATE) (08-07-2017 11:34)

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක් දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 143ක් ලබා සිටිනවා. 

පෙර තරගයේදී පළමු කඩුල්ල සඳහා වාර්තා ගත සබඳතාවක් පැවැත් වූ නිරෝෂන් දික්වැල්ල සමග ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේදී ද පළමු කඩුල්ල සඳහා විශිෂ්ට සබඳතාවක් පවත්වනු ලැබුවා. 

නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් මේ වන විට ලබා සිටින අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් ලබා සිටිනවා. 

මේ වන විට ලකුණු පුවරුව පහතින්  දැක්වෙනවා.


 

-----------------------------

ශ්‍රී ලංකා සිම්බාබ්වේ  සිව්වන සටන ඇරඹේ - අසිත ප්‍රනාන්දු එක් දින වරම් ලබයි (08-07-2017 09:49)

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක් දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූණා.

මෙම තරගය අද (08) පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේදී.  

මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වෙනවා.

දෙරට අතර පැවති පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත් අතර අනෙක් තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා. 

ඒ අනූව අද තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවහොත් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වනු ඇති. 

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද එක් දින තරග වරම් ලබා තිබෙනවා.