Friday, April 19, 2024

General line - 0115112241

ජී විස්ස සමුළුව නිසා ජර්මනිය උණුසුම් වෙයි (PHOTOS)




ජී - 20 සමුළුවට විරෝධය පළ කරමින් ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වෙන විරෝධතා උත්සන්න වී තිබෙනවා. 

විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර හටගත් ගැටුම්වලින් පොලිස් නිලධාරීන් හැත්තෑ දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. 

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද එම වාර්තාවල සඳහන්. 

විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

එම ප්‍රහාර නොතකමින් විරෝධතාකරුවන් මාර්ගවල රැදී සිටි බව ද විදෙස් වාර්තා අනාවරණ කළා. 

කුපිත වූ පිරිස් වාහන රැසකට ගිණි තබා තිබෙනවා.

මේ අතර සමුළුවට සහභාගි වී සිටින අමෙරිකානු ජානධිපති ඩොනල්ට් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර විශේෂ හමුවක් ද සිදු වුණා. 

දේශගුණික විපර්යාස සහ වෙළඳාම් සම්බන්ධයෙන් මෙවර සමුළුවේ දී වැඩි අවධානයක් යොමු කෙරුණු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.