Friday, April 19, 2024

General line - 0115112241

"කළ හැකි උපරිමය කරනවා..අපහාස විවේචන මට හුරුයි "- රුවන්වැලි මහ සෑය ඉදිරිපිට දිවුරමින් ඇමති අකිල කී කතාව (PHOTOS)




සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ හැකි උපරිමය කරන බව රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිරිපිට දී තමන් දිවුරා සපථ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

විවිද  ප්‍රදේශවල අඩු පහසුකම් සහිත වෙහෙර විහාර 150ක් සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක මුදලක් ඉදිරි සතියේදී ලබා දෙන බවද ඔහු පවසනවා.

එසේ වැඩ කරද්දී  විවිධ බාධක,අපහාස,විවේචන පැමිණෙන බවත් ඒවා තමන්ට හුරු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී කියා සිටියා.


රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ නිමවා යළි පූජා කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා අද (08)මේ බව සඳහන් කළා.

එම අවස්ථාවේ සහ රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කළ පසුව අද දර්ශනය වන ආකාරය දැක්වෙන ඡායාරූප පහතින් දැක්වෙනවා.