Friday, April 19, 2024

General line - 0115112241

ජපානයේ ගං වතුරක්




දකුණු දිග ජපානයට මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව අතුරුදන් වූ 15 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒමෙන්ම, සහන සේවා කණ්ඩායම් විසින් පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් මුදාගෙන තිබෙනවා.

මෙහෙයුම් සඳහා නිලධාරීන් 12,000 ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.