Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති පුටුවේ 'ජනපති දියණිය' හිඳ ගනී 




G20 රාජ්‍ය  නායක සමුළුවේදී අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  වෙනුවට ඇගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් කෙටි වේලාවක් ඇමෙරිකාව නියෝජනය කරමින්  සමුළුවට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.


ට්‍රම්ප් ඒ වනවිට  ඉන්දුනීසියානු නායකයා සමග සාකච්ඡාවකට පිටත්ව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ නායකයන් සහභාගී වූ සාකච්ඡාවක අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  පුටුව ඉවන්කාට ලබාදී තිබුණා.


අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  උපදේශිකාවක ලෙස කටයුතු කරන ඇය අසුන්ගෙන සිටියේ චීන ජනපති ෂී ජිංපිං සහ බ්‍රිතාන්‍ය අගමැතිනිය  තේරේසා මේ අතර වීමද  සුවිශේෂී සිදුවීමක් වුණා.

මෙම ඡායාරූපයක් රුසියානු නියෝජිතවරියක් විසින් සිය ට්විටර් ගිණුමට එක්කර තිබුණා

එම ඡායාරූපය පහතින් දැක්වෙනවා.