Friday, April 19, 2024

General line - 0115112241

2040 වනවිට පෙට්‍රල් ඩීසල් වාහන තහනම් - ප්‍රංශයේ වාහනවලට වෙන්නේ මොකද්ද ?




2040 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල්වලින් ධාවනය වන සියලුම මෝටර් රථ අලෙවි කිරීම තහනම්  කිරීමට ප්‍රංශය සූදානම් වනවා.

එරට පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ සඳහන් කර ඇත්තේ  එය පැරිස් පරිසර සම්මුතියට ප්‍රංශයේ කැපවීම ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙලක කොටසක් බවයි.

2050 වනවිට කාබන් මුදාහැරීමෙන් වියුක්ත රාජ්‍යයක් බවට පත්කිරීම ප්‍රංශයේ බලාපොරොත්තුව වී තිබෙනවා.

ප්‍රංශයේ මෝටර් රථ කර්මාන්තයෙන් 3.5% ක් දෙමුහුන්රථ (Hybrid) වන අතර, ඒ අතරින් විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ තිබෙන්නේ 1.2% ක් පමණයි.

2040 වන විට එරට ඇති  පෙට්‍රල් හෝ ඩීසල්වලින් ක්‍රියාත්මක වන මෝටර් රථවලට සිදුවන්නේ කුමක් දැයි යන්න මෙතෙක් පැහැදිලි කිරීම‍ට ප්‍රංශය සමත්ව නොමැති බවයි වාර්තා වන්නේ.