Thursday, April 18, 2024

General line - 0115112241

‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ අද බුලත්සිංහලට එයි




නෙත් එෆ් එම් රේඩියෝවේ "වී ලීඩ් ශ‍්‍රී ලංකා" සංකල්පය යටතේ සංවිධාන කරන තවත් ඩෙංගු මර්දන වැඩසටහනක් අද (10) පැවැත්වෙනවා.

ඒ, බුලත්සිංහල ඉහළවෙල්ගම ප‍්‍රදේශයේදීයි. ඒ සඳහා ඉහළවෙල්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, ඉහළවෙල්ගම අවමංගල්‍යාධාර සමිතියේ සාමාජිකයින් ඇතුළු ප‍්‍රදේශවාසීන් ඊට එක්වීමට නියමිතයි.

ඒ සඳහා නෙත් එෆ් එම් රේඩියෝව ද සිය දායකත්වය ලබාදී තිබෙනවා. 

මේ අයුරින් ඔබ ප‍්‍රදේශයේ සංවිධාන කරන ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා දායකත්වය ලබාදීමට නෙත් එෆ් එම් රේඩියෝව තවදුරටත් සූදානම්.

නෙත් දායකත්වයෙන් එලෙස සිදු කෙරුණු ඩෙංගු මර්දන වැඩසටහන් 03ක් ගාල්ල, මාතර සහ බණ්ඩාරගම යන ප‍්‍රදේශවල දී ඊයේ (09) සාර්ථකව සිදු කෙරුණා. 

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සක‍්‍රීයව දායක වෙමින් නෙත් එෆ් එම් රේඩියෝවේ සියලු කාර්ය මණ්ඩලය ඉකුත්දා කොල්ලූපිටිය සහ බම්බලපිටිය යන ප‍්‍රදේශ පිරිසිදු කළා. එමෙන්ම ගාල්ල හපුගල, බද්දේගම, කෑගල්ල පිංදෙණිය, යටියන්තොට, හොරණ සහ බදුල්ල යන ප‍්‍රදේශවල ද "වී ලීඩ් ශ‍්‍රී ලංකා" සංකල්පය යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් සිදු කෙරුණා. 

ප‍්‍රශ්නවලට විසඳුම් සාකච්ඡා කිරීමට පමණක් සීමා නොවී ඒවා ක‍්‍රියාවෙන් ඉටු කිරීමට ජනතාව පෙළඹවීම "වී ලීඩ් ශ‍්‍රී ලංකා" සංකල්පයේ අපේක්ෂාවයි. 

----------------------------------------------

‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ අද බුලත්සිංහල එයි

(2017 - 07 - 09 17:09)

නෙත් එෆ් එම් රේඩියෝවේ, "වී ලීඩ් ශ්‍රී ලංකා" සංකල්පය යටතේ බලගැන්වෙන ඩෙංගු මර්දන මෙහෙයුමෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ පරිශ්‍ර 500ක් පිරිසිදු කර තිබෙනවා.

ඒ, බණ්ඩාරගම ශක්ති පදනමේ මෙහෙයවීමෙන්. 

-------------------------------------------------

වී ලීඩ් ශ්‍රී ලංකා මාතර ඩෙංගු මර්දන මෙහෙයුමෙන් පරිශ්‍ර 1500ක් පිරිසිදු වෙයි (09-07-2017 03:45)

නෙත් එෆ් එම් රේඩියෝවේ, "වී ලීඩ් ශ්‍රී ලංකා" සංකල්පයට අනුගතව සංවිධාන කෙරුණු ඩෙංගු මර්දන වැඩසටහන යටතේ මාතර නගරය සහ ඒ අවට ප්‍රදේශවල මදුරුවන් සහිත පරිශ්‍ර 1500ක් පිරිසිදු කිරීමට කටයුතු කර තිබෙනවා. 

එය සංවිධාන කරන්නේ මාතර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය සහ "පවුර සංවිධානය" එක්වයි.

-------------------------------------------------- 

(09-07-2017 06:45)

නෙත් එෆ් එම් රේඩියෝවේ ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පයට අනුගතව ගාල්ල මහ නගර සභාව සිය බල ප‍්‍රදේශය තුළ අද (09) පිරිසිදු කිරීමේ දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

නගරවැසියන් සියලු දෙනා තම තමන් වෙසෙන පරිශ‍්‍ර අද තම තමන් විසින්ම පිරිසිදු කර ගත යුතු බවයි මෙහිදී යෝජනා කෙරෙන්නේ. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර ඩෙංගු මර්දනය කිරීම මෙහි අපේක්ෂාව වනවා.

ඒ පිළිබඳව කරුණු දැක්වූ ගාල්ල මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ‍්‍රියාණි ජයසූරිය සඳහන් කළේ ගාල්ල නගර සභාවේ කොට්ඨාශ 15 ම ආවරණය වෙන ලෙස දැවැන්ත පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලෙසින් මෙය ආරම්භ කළ බවයි. ඒ අනුව මෙතෙක් භාර නොගත් වර්ගයේ  කැළි කසළ අද දිනයේ කසළ එකතු කිරීමේ රථවලට භාර දිය හැකි බවත් සඳහන් කළා.

මෙම ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා නෙත් එෆ්. එම්. රේඩියෝවේ දායකත්වය අගය කරන බවද වෛද්‍ය ශි‍්‍රයාණි ජයසූරිය මෙහිදී කියා සිටියා. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ ‘‘ වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ බලගැන්වෙන තවත් ඩෙංගු මර්දන මෙහෙයුමක් බණ්ඩාරගම ප‍්‍රදේශයේ දී අද  (09) සිදු කෙරෙනවා. ඒ, බණ්ඩාරගම ශක්ති පදනමේ මෙහෙයවීමෙන්. 

නෙත් එෆ් එම් රේඩියෝව ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ ආරම්භ කළ ඩෙංගු මර්දන මෙහෙයුම රටටම පූර්වාදර්ශයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ප‍්‍රශ්නවලට විසඳුම් සාකච්ඡා කිරීමට සීමා නොවී ඒවා ක‍්‍රියාවෙන් ඉටු කිරීමට ප‍්‍රජාව පොළඹවාලීම ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පයේ අපේක්ෂාවයි. 

ඒ අනුව නෙත් එෆ් එම් රේඩියෝවේ කාර්ය මණ්ඩලය විසින් සිය ප‍්‍රධාන කාර්යාලය පිහිටි කොල්ලූපිටිය ප‍්‍රදේශය ද, මෙහෙයුම් කාර්යාලය පිහිටි බම්බලපිටිය ප‍්‍රදේශය ද ඉකුත් දා පිරිසිදු කළා. ගාල්ල හපුගල, බද්දේගම, කෑගල්ල පිංදෙණිය, යටියන්තොට, හොරණ සහ බදුල්ල ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ ප‍්‍රජා සහභාගීත්වයෙන් ඩෙංගු මර්දන මෙහෙයුම් සංවිධාන කෙරුණු තවත් ප‍්‍රදේශ කිහිපයක්.

එමෙන්ම ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙහෙයවීමෙන් සහ අධිකරණ අමාත්‍යංශයේ සහයෝගයෙන් රටපුරා අධිකරණ පරිශ‍්‍ර පිරිසිදු කිරීම ද ඉකුත්දා සිදු කෙරුණේ නෙත් එෆ් එම් රේඩියෝවේ මෙම සංකල්පය යටතේයි.  

මේ අතර, මාතර දිස්ත‍්‍රික්කය සහ ඒ අවට ප‍්‍රදේශවලද ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරුණා. ඒ. මාතර දිස්ත‍්‍රික් මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින්. 

(ගාල්ල වැඩසටහනේ ඡායාරූප පහතින් දැක්වෙයි)