Thursday, April 25, 2024

General line - 0115112241

නායකත්වය ගැන මැතිව්ස් දෙගිඩියාවෙන් - සිම්බාබ්වේ පරාජයත් සමග කී කතාව




මීළඟ ලෝක කුසලාන තරගාවලියට තමන් නායකයා ලෙස එක් වෙයිද යන්න නොදන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

සූරියවැවදී ඊයේ (08ද) පැවති සිම්බාබ්වේ තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

"අවසන් තරගයට යද්දී නායකයෙක් ලෙස මට ලොකු පීඩනයක් තිබෙනවා. හොඳට පිතිකරණයේ යෙදිලා තරග ජයග්‍රහණය  කරන්න පුළුවන් කම තිබියදීත් පන්දු යවන්නෝ හොඳට පන්දු යැව්වේ නෑ. මේ තරගයේදීත් පළමු තරගයේදීත්.ලකුණු 300ක් ගහලා පරිදිනවානම් ලොකු අඩුපාඩුවක් තිබෙනවා.2019 ලෝක කුසලානයට මම නායකයා වෙයිද නැද්ද  දන්නේ නෑ. පන්දු යැවීමේ අංශයෙන් ලොකු ගැටලුවක අපි ඉන්නවා. මේකට ඉක්මනින්ම විසඳුමක් හොයාගන්න වෙනවා." යනුවෙන් මැතිව්ස් එහිදී කියා සිටියා.

අදාළ වීඩියෝව පහතින් දැක්වෙනවා.