Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ රෑ මුහුණ දුන් අමිහිරි අත්දැකීම




ඉන්දියාව ඊයේ (09) රාත‍්‍රියේ තවත් අමිහිරි ක‍්‍රිකට් පරාජයකට මුහුණ දුන්නා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයේදීයි.

එහිදී කඩුලූ 09ක වාර්තගත ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී කඩුලූ 06කට ලකුණු 190 ක් ලබා ගත්තා.

පන්දුවාර 18යි පන්දු 03ක් තුළ කොදෙව්වන් එම ඉලක්කය පසුකර ගියේ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී වීම විශේෂත්වයක්.

එහිදී එවින් ලෙවිස් පන්දු 62ක දී නොදැවී ලකුණු 125ක් රැස් කළා. ඊට හයේ පහර 12ක් සහ හතරේ පහර 06ක් ඇතුළත්. එය පන්දුවාර 20 තරගයක කොදෙව් පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.