Friday, April 19, 2024

General line - 0115112241

හම්බන්තොට රාජපක්ෂ පිටියේ 'සිම්බාබ්වේ ජය පැන් බොයි' - තරගාවලිය ලංකාව පැරදුනේ මෙලෙසයි




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (10) පැවති පස්වැනි එක්දින තරගයේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට  හිමි වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වූ එක්දින තරගාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 203 ක් රැස් කර ගත්තා.

ධනුෂ්ක ගුණතිලක සහ අසේල ගුණරත්න මෙහිදී අර්ධ ශතක ලබා ගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු  ලකුණු 204 ක් පමණයි. 

ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 92ක සම්බන්ධයක් පැවැත්වූ අතර හැමිල්ටන් මසකඩ්සා ලකුණු 73ක් ලබා ගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරග 5කින් යුත් මෙම තරගාවලියේ තරග 3ක ජයසිම්බාබ්වේට ද තරග 2ක ජය ශ්‍රී ලංකා  කණ්ඩායමට ද හිමිවුණා.

 

 

 

 

 

...............................................

සිම්බාබ්වේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ හැටි

10-07-2017 13:15

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (10) පැවැත්වෙන තීරණාත්මක පස්වැනි එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 203 ක් රැස් කර ගත්තා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 204 ක්. 

------------------------------------

(2017 - 07 - 10 12:13)

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තීරණාත්මක පස්වැනි එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් අවසානදේ කඩුලු 06 ක් දැවී ලකුණු 120 ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවනවා.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා. 

මෙම තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමිවෙනවා.

නුවන් කුලසේකර සහ අසේල ගුණරත්න මේ වන විට පන්දුවට පහර දෙමින් සිටිනවා.