Wednesday, April 24, 2024

General line - 0115112241

නිරූපිකාවගේ මරණයට සැක පිට නළුවෙක් අත්අඩංගුවට




දකුණු ඉන්දීය රුපවාහිනී නිවේදිකාවක් මෙන්ම නිරූපන ශිල්පිනියක් වන සොනිකා සිං චෝහාන් ගේ මරණය සම්බන්ධයෙන්, ඉන්දීය සිනමා නළුවෙකු වන වික්‍රම් චැටර්ජි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් පදවාගෙන යනු ලැබූ මෝටර් රථය අනතුරුට ලක්ව එහි ගමන්කළ සොනිකා පසුලිය අප්‍රේල් 29දා මරණයට පත්වන අතර පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම අවස්ථාවේ වික්‍රම් චැටර්ජි අධික ලෙස බීමතින් සිට ඇති බවය. අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර්රථය පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය වී ඇති බවද සදහන්ය.

නොසැලකිලිමත් රිය පැදවීම මෙම මරණයට හේතු වී ඇති බවටයි අණාවරණය වී ඇත්තෙ. එසේම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අදාල අනතුර මොහු විසින් සිතාමතා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳවද පරීක්ෂණ ආරම්භකර ඇති බවය.