Friday, March 29, 2024

General line - 0115112241

අනතුරු අඟවන පුවරුවත් වසාගෙන වැඩෙන අනතුර




නාඋල - දඹුල්ල අතර පිහිටි වල්ගන්වැව ගම්මානයට පිවිසෙන ස්ථානයේ සවිකර ඇති ‘‘යෝද නිදිකුම්බා දුටුතැන විනාශ කරන“ යැයි’ සඳහන් පුවරුව යෝධ නිදිකුම්බා වලින්ම වැසි ඇතැයි ප‍්‍රදේශවාසින් පවසනවා.

ශ‍්‍රි ලංකා මහවැලි අධිකාරියේ හුරුවැව කලාපයට අයත් නේ්වාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය මගින් පුවරුව සවිකර ඇති බවට සඳහන් බව ද ප‍්‍රදේශ වාසින් සඳහන් කරනවා.

මධ්‍යම පළාතේ වේගයෙන් පැතිරයන මෙම ශාකය පිළිබඳ දැන්වත් කිරිමේ පුවරුද වසාගෙන යෝධ නිදිකුම්ඹා පැතිරයමින් පවතින බවත් මේ වන විටත් ඇදොල ගංගා පමණක් නොව සමස්ථ පරිසරයම ගිල ගනිමින් පවතින බව ද පරිසර සංවිධාන අනතුරු අගවා තිබෙනවා.

එවැනි පසුබිමක මහජනතාව දැන්වත් කිරීම සඳහා යොදා ඇති මෙවැනි පුවරු යෝධ නිදිකුම්බා වලින්ම වැසි යන තත්ත්වයට පත්වී තිබීම කනගාටුදායක තත්ත්වයක් බව ද ප‍්‍රදේශයේ ගොවින් වැඩිදුරටත් සදඟන් කරනවා.