Friday, April 19, 2024

General line - 0115112241

ඊයේ තරගයට පසුව ක්‍රිකට් සේවකයන්ගේ වැටුප් ගෙවීමට පෙර කලිසම් ගලවා ගෙන 




සිම්බාබ්බේ සමග පැවති තරග සඳහා  සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දිමට පෙර ඔවුන්ගේ කලිසම ගලවා දෙන ලෙස බලධාරීන් දැනුම්දී ඇති බව nethnews.lk වාර්තාකරු පවසනවා.

තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ සේවය කළ අතර ඔවුන්ට  රුපියල් 1000 ක දෛනික දිමනාවක් ගෙවා තිබෙනවා.

එම  ප්‍රදේශයේම  තරුණයන් මෙම සේවයට යොදවා තිබුණා.
 
ඊයේ (10) දින නිමා විමෙන් පසු මෙම  කම්කරුවන් තමන්ගේ  වැටුප් ලබා ගැනිමට ගිය අවස්ථාවේ එහි පාලනාධිකාරිය දැනුම්දී ඇත්තේ  වැටුප් ලබා ගැනීමට පෙර ක්‍රිකට් ලාංජනය සහිත ඇඳ සිටින කලිසම යළි ලබාදිය යුතු බවයි.

එම කලිසම හැරුණුකොට වෙනත් කලිසමක් බොහෝ සේවකයන් රැගෙන පැමිණ නොතිබූ බවයි  nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.