Wednesday, April 24, 2024

General line - 0115112241

ඊයේ තරගයෙන් පසු ශ්‍රී ලංකා සේවකයන්ගේ කලිසම් ගලවා ගත් හැටි මෙන්න (PHOTOS)




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්බේ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය ඊයේ (10) අවසන් වුණේ තරගාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට හිමිකර දෙමින්.

තරගාවලියේ, සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ පැවැති තරග සඳහා තාවකාලික පදනම මත සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් කම්කරුවන් පිරිසක්ද බඳවාගෙන තිබුණා.

කෙසේවෙතත් ඊයේ පැවැති අවසන් තරගයෙන් පසු අදාළ සේවකයන් සඳහා වැටුප් ලබා දිමට පෙර ඔවුන්ගේ කලිසම ගලවා දෙන ලෙස බලධාරීන් දැනුම්දී ඇති බවයි nethnews.lk වාර්තාකරු පැවසුවේ. 

තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ සේවය කළ අතර ඔවුන්ට  රුපියල් 1000 ක දෛනික දිමනාවක් ගෙවා තිබෙනවා.

එම  ප්‍රදේශයේම  තරුණයන් මෙම සේවයට යොදවා තිබුණා.
 
ඊයේ (10) දින නිමා විමෙන් පසු මෙම  කම්කරුවන් තමන්ගේ  වැටුප් ලබා ගැනිමට ගිය අවස්ථාවේ එහි පාලනාධිකාරිය දැනුම්දී ඇත්තේ  වැටුප් ලබා ගැනීමට පෙර ක්‍රිකට් ලාංජනය සහිත ඇඳ සිටින කලිසම යළි ලබාදිය යුතු බවයි.

එම කලිසම හැරුණුකොට වෙනත් කලිසමක් බොහෝ සේවකයන් එම අවස්ථාවේ රැගෙන පැමිණ නොතිබූ බවයි  nethnews.lk වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම ගැටලුකාරී තත්ත්වය හමුවේ ඇතැම් කම්කරුවන් ඒ මොහොතේම හැඳ සිටි කලිසම ගලවා දී ඇති බවද සඳහන්.

(එම සිද්ධියට අදාළ ඡායාරූප පහතින් දැක්වෙයි)