Friday, March 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේ ජයග්‍රහණයේ රහස හෙළි කරයි




ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු තරගයෙන් ලද වාර්තා ගත ජයග‍්‍රහණය තරගාවලිය ජය ගැනීමට හේතු වූ බව සිම්බාබ්වේ කණ්ඩායම පවසනවා.

තරගාවලිය පුරා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ සිකන්දර් රාසා ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග අද (11) පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප‍්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පළමු තරගය ජයග‍්‍රහණය කිරීමෙන් පසු කණ්ඩායමේ සියලූ දෙනාගේ මානසික මට්ටම ඉහළ ගිය බවයි.

එමගින් තරගාවලි ජයග‍්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ලැබුණු බවයි සිකන්දර් රාසා ප‍්‍රකාශ කර ඇත්තේ.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සාර්ථකව අවසන් කිරීම හා එළඹෙන කොදෙව් තරගාවලිය ජයග‍්‍රහනය කිරීම කණ්ඩායමේ මීළඟ අරමුණ බව ද ඔහු පැවසුවා.