Wednesday, April 24, 2024

General line - 0115112241

කලිසම් ගලවා ගත් ක්‍රිකට් සේවකයන්ට හානි පූර්ණයක් කරනවා ලු




ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර  ඊයේ (10) පැවැති අවසන් තරගයෙන් පසු හම්බන්තොට ක්‍රීඩාංගණයේ අනියම් සේවකයන් සඳහා වැටුප් ලබා දිමට පෙර ඔවුන්ගේ කලිසම ගලවා දෙන ලෙස දැනුම්දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කණගාටුව පළ කරනවා.

මේ සම්බන්ධයෙන් හදිසි නිවේදනයක් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ අවාසනාවන්ත සිදුවීමෙන් අපහසුතාවයට පත් සේවකයන්ට හානි පූර්ණයක් සිදු කිරීමට විධායක කමිටුව මේ වන විටත් තීරණය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට තම ආයතනය බැඳී සිටින බවද එම නිවේදනයේ සඳහන් වනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)