Thursday, March 28, 2024

General line - 0115112241

රවී ශාස්ත‍්‍රී පත් කළේ නැහැ - ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ප්‍රතිචාර දක්වයි (UPDATE)




ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක රවී ශාස්ත‍්‍රී පත් කළ බවට පළවන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව එරට ක‍්‍රිකට් ආයතනය පවසනවා.

ප‍්‍රධාන පුහුණුකරු පත් කිරීම තව දුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවත් තීරණය ඉදිරියේ දී ප‍්‍රකාශ කරන බවත් ඔවුන් අද (11) නිවේදනය කළා.

කෙසේවෙතත් ඇතැම් ඉන්දීය මාධ්‍ය අද පස්වරුවේ වාර්තා කර තිබුණේ ඉන්දීය ක්‍රිකට්  කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රවී ශාස්ත්‍රී පත්කර තිබෙන බවයි. 

රවී ශ‍්‍රාස්ත‍්‍රිට අමතරව විරේන්ද්‍ර ශෙවාත්, ටොම් මූඩි ඇතුළු පස් දෙනෙකු එම ධුරය සඳහා ඉල්ලුම් කර තිබෙනවා.

අවසන් තීරණය ඊයේ (10) දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවයි මීට පෙර කියා තිබුණේ. විරාත් කෝලි සමග ඇති කර ගත් මත ගැටුමක් හේතුවෙන් හිටපු පුහුණුකරු අනිල් කුම්ලේ ඉකුත් දා ඉවත් වුණා.

 



 

 

------------------------------

ලංකාවෙන් වැඩ අරඹා 'ලෝක කුසලානය දිනන්න' ඉන්දියාවට නව පුහුණුකරුවෙක්

(2017 - 07 - 11 19:41)

ඉන්දීය ක්‍රිකට්  කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රවී ශාස්ත්‍රී පත්කර තිබෙනවා. 

2019 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය තෙක් ඔහු පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා  සංචාරයේදී ඔහු සිය රාජකාරී  ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දීය නායක විරාත් කෝලි සමග ඇතිවූ මත ගැටුමක් නිසා ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේ පසුගිය දා සිය තනතුරින් ඉල්ලා අස්වුණා.