Thursday, April 25, 2024

General line - 0115112241

තරගය අතරතුර කාටත් නොදැනෙන්න ඉන්දීය ක්‍රීඩිකාව කළ කැත වැඩ ගැන නිමාලි වේදනාවෙන් රටටම කියයි




මෙවර ආසියානු මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී ශී‍්‍ර ලංකාව කලකට පසු කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4ක් සමගින් ශී‍්‍ර ලංකාවට මෙවර හිමි වූයේ රටවල් 45ක් අතරින් 9 වැනි ස්ථානයයි.

එහෙත් මෙවර ශී‍්‍ර ලංකාවට හිමි වීමට තිබූ පදක්කම් කිහිපයක්ම ඉන්දීය තාක්ෂණික නිලධාරීන්ගේ වරදින් අහිමි වීම කාගේත් කතාබහට ලක් වුණා.

නිමාලි ලියනාරච්චි මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම මෙවර ශ්‍රී ලංකාවට දිනා දුන්නේ පීඩාවන් සහ බධා කිරීම් රැසක් මධ්‍යයේයි.

මේ පිළිබඳ සිය මතකය අවදි කරමින් නිමාලි සඳහන් කළේ "ඉන්දීය ක්‍රීඩිකාව මට මෙම තරගයේදී විශාල බාධාවක් වුණා. තරගවදිමින් සිටියදී ඇය අවස්ථා තුන හතරකදීම මට පහර දුන්නා. අවසන් මොහොතෙදී පවා ඇයගේ අත මා වෙත දිගු කර මට බාධා කරලා තමයි එයා තරගය නිම කළේ. එතනදි මම තරගය අතහැරියා. තරගය පුරා මම විශාල පීඩාවකින් තරග වැදුනේ. මගේ රට ගැන හිතපු නිසයි මේ තරම් හරි දිවුවේ.. දුවන මොහොතෙදී පාවා මගේ මානසික තත්ත්වය තිබුණේ ඇයගේ බාධා කිරීම් ගැනයි. මම ෆයිට් කළා.. ෆයිට් කළා.. එයා මට ඉස්සර වෙන්න දුන්නෙම නැහැ." යනුවෙනි.

කාන්තා තුන් පිම්ම ඉසව්වට එක් වූ විදූෂා ලක්ෂාණි ඉන්දීය ක්‍රීඩා බලධාරීන්ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් රන් පදක්කම් සිහිනය බොඳ කරගත් ක්‍රීඩිකාවක්. 

මෙහිදී ඉන්දීය ක්‍රීඩිකාවගේ දක්ෂතාවය අභිබවමින් විදූෂා සිය දක්ෂතාවය පෙන්නුම් කරත් ඉන්දීය බලධාරීන් ඇයව විනාඩි 30 ක පමණ කාලයක් රඳවාගෙන එම උත්සහය දෝෂ සහිත බව පවසමින් යළි අවස්ථාවක් ලබා දී තිබුණා. අදාළ උත්සහයේ වීඩියෝ දර්ශන පවා ඇයට පෙන්වීමට ඉන්දීය බලධාරීන් විරෝධය පළ කිරීම සිදු වූ බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් සිය දෙවන අවස්ථාව වන විට මානසිකව ඇදවැටී සිටි විදූෂාට සිය දක්ෂතාවය නිසි පරිදි පෙන්වීමට නොහැකිවීම නිසා එම පදක්කම් සිහිනයද බොඳ වී ගියා.