Tuesday, April 16, 2024

General line - 0115112241

නේපාල ස්වදේශ අමාත්‍ය ජනාදන් ස්වදේශ අමාත්‍ය වජිර හමුවෙයි




නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය ජනාදන් ශර්මා ප‍්‍රභාකර් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය වජිර අබේවර්ධන අතර හමුවක් අද (12) සිදුවුණා. ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

මෙහිදී දෙරටේ දීර්ඝ කාලීන සමීප සබදතා පිළිබද සාකච්ඡා කෙරුණු බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. එමෙන්ම අමාත්‍ය වජිර අබේවර්ධන ශී‍්‍ර ලංකාවේ නව ආර්ථික උපයාමාර්ග ඇති කිරීමේ අවස්ථාවන්, මෙරට ආර්ථික වර්ධනය සහ දකුණේ සංවර්ධනය පිළිබඳ නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. එම අවස්ථාවන් ජයගැනීම සදහා නේපාල රජයේ උපරිම සහාය ලබාදෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළ බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.