Friday, April 26, 2024

General line - 0115112241

බදුලු මාර්ගයේ අඩි හැටේ පාලම උඩ දී දුම්රියක් පීලි පනී - මැදිරිවල රෝද පාලමෙන් පහළට (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




කොළඹ කොටුවේ  සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි  තැපැල් දුම්රිය අද (13)  අලුයම 2.00 ට පමණ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන  දෙක අතර  පිලි පැනීමකට ලක්ව තිබෙනවා.

nethnews.lk වාර්තාකරු සඳහන් කළේ  අඩි හැටේ පාලම අසලදී මෙලෙස දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි.


දුම්රිය මැදිරි හතරකට මෙමගින් දැඩි අලාභ හානි සිදුව ඇති අතර දුම්රිය පාලමද කැඩී  ගොස් තිබෙනවා. 

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවයි nethnews.lk වාර්තාකරු කියා සිටියේ.


මැදිරිවල රෝද ගැලවී  පාලමෙන් පහළට වැටී  ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.