Friday, April 19, 2024

General line - 0115112241

සෞදියේ මහ රෑ ගින්නකින් 'විදෙස් ශ්‍රමිකයන්' 11ක් මරුට 




සෞදි අරාබියේ විදෙස් ශ්‍රමිකයන්  පිරිසක් නවාතැන් ගෙන සිටි ස්ථානයක  හටගත් ගින්නකින්  11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.


නිරිතදිග නජ්රාන් නගරයේදී බංග්ලාදේශ සහ ඉන්දීය ජාතික  පිරිසක් මෙලෙස රාත්‍රී  නින්දේ සිටියදි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


රාත්‍රී  නින්දේ සිටි ශ්‍රමිකයන්  පිරිස ගින්නත් සමග ඇති වූ දුමාරයෙන් හුස්ම ගැනීමට නොහැකිව ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත්  6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.