Friday, March 29, 2024

General line - 0115112241

පොළොව වගේ දහනව ගුණයක් විශාල හිරු මත තිබී හමුවූ ලපේ (PHOTOS)




සූර්යයා මතුපිට වූ දැවැන්ත ලපයක් නිරීක්ෂණය කිරීමට හැකිවූ බව නාසා ආයතනයේ විද්‍යාඥයින් සඳහන් කර තිබෙනවා.

සූර්යයාගේ පෘෂ්ඨය මත පිහිටන අඳුරු සහ  තරමක් උෂ්ණත්වය අඩු සිසිල් සහිත ස්ථාන සූර්ය ලප ලෙස හඳුන්වනු ලබනවා.

මෙමගින් පෘථිවියට ද යම් බලපෑමක් ඇති වීමේ හැකියාවක් ඇති බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.

සූර්යයාගේ ක්‍රියාකාරීත්වය අඩු වන මේ කාලයේ දී එවන් සූර්ය ලප නිරීක්ෂණය වීම කලාතුරකින් සිදුවන්නක් බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙනවා.

මේ සූර්ය ලපය සැතැපුම් 70,000කටත් වඩා විශාල බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒඅනුව එහි විශාලත්වය පෘථිවියේ විශාලත්වය මෙන් 19 ගුණයක් පමණ වනවා.