Thursday, September 20, 2018
Hotline - 0770586666

එජාප ප්‍රභලයාගේ පුතා හෝටල් කාමරයේදී මරුට (PHOTOS)

18870Views


එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජස්ටින් ගලප්පත්තිගේ  පුත්‍රයකු  හෝටලයක කාමරයක් තුළ මිය ගොස් සිටියදී අද (14) සොයා ගෙන තිබෙනවා.

මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ යසසිරු තිසර කුමාර ගලප්පත්ති  නැමැති 24 හැවිරිදි ව්‍යාපාරික තරුණයායි.

ඔහු දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්තිගේ බාල සහෝදරයා ද වනවා.

මිය ගිය යසසිරු ඊයේ  (13) රාත්‍රි  කාලයේ සිට එම හෝටලයේ රැඳී සිට තිබෙනවා.