Friday, July 28, 2017
Hotline - 0770586666

ඉන්දියාව සිය ජනතාවට දුන් අලුත්ම දුම්රිය මෙන්න (VIDEO)

2969Views

 

ඉන්දීයාවේ පොදු ප්‍රවාහන සේවා අතරින් වැඩිම පිරිසක් භාවිතා කරන ප්‍රවාහන සේවාව වන්නේ දුම්රියයි.

ඉන්දීය දුම්රියයන් මගින් දිනකට මිලියන 25 කට අධික මගීන් පිරිසක් රැගෙන යන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනෙන් දින දියුණුවන ඉන්දීය දුම්රිය සේවය මේ වන විට සිය අලුත්ම සාමාජිකයා ද දුම්රිය ගමනා ගමනය වෙනුවෙන් එක් කර තිබෙනවා.

ඒ අනුව  ඉන්දියාව සිය ප්‍රථම සූර්යබල දුම්රිය හදුන්වා දී තිබෙනවා.

ඉන්දීය දුම්රිය අමාත්‍යාංශයයි මෙම සූර්යබල දුම්රිය හදුන්වාදීමට දීමට පියවර ගත්තේ.

ඉන්ධන සදහා වන  මූල්‍ය පිරිවැය අඩුකිරීම මෙහි අරමුණයි.

මේ අනුව සෑම වසරකම ඉන්දීය රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

මෙම සූර්යබල දුම්රියේ වහළය මත සූර්යකෝෂ ස්ථාපනය කර තිබෙනවා.