Wednesday, April 24, 2024

General line - 0115112241

විද්‍යාගේ ඝාතකයින් ආරක්ෂා කළ පොලිස් ලොක්කා රැගත් රථය අනතුරට ලක් වූ ඡායාරූප




යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද (16) උදෑසන මහේස්ත්‍රාත් හමුවට රැගෙන යමින් සිටියදී එම රථය හදිසියේ අනතුරකට ලක් වුණා.

අනතුරෙන් වෑන් රථයට හානි සිදුව ඇති අතර එහි ගමන් ගත් සැකකරුට සහ නිලධාරීන්ට හානියාක් සිදු වී නැති බවයි පසුව අනාවරණය වුණේ.

කෙසේවෙතත් අත්අඩංගුවට පත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ,  අද පෙරවරුවේ කයිට්ස් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව ලබන 25 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

(අනතුරේ ඡායාරූප පහතින් දැක්වෙයි)