Saturday, April 20, 2024

General line - 0115112241

සැකයි..තරගයට පෙරදින තේරීම් කමිටුවත් නොදැන ක්‍රීඩකයන් මාරු කරලා..ක්‍රීඩකයෙක් කාමරයේ දුම්වැටි හතළිස් ගණනක් බීලා (EXCLUSIVE)

කසුන් කැලුම්




2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ අවසන් මොහොතේ සැකකටයුතු සිදුවීම් කිහිපයක් සිදුවූ බව ඒවනවිට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තරගයට පෙරදින ක්‍රිකට් බලධාරීන් සහ තේරීම් කමිටුව නොදැනුවත්වම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනෙකු ද වෙනස් කර ඇති බවයි.

එක් ක්‍රීඩකයෙක් තම කාමරයේ දුම්වැටි හතළිස් ගණනක් පානය කර තිබූ බවට ද වාර්තාවක් ලැබුණු බවයි ඔහු සඳහන් කර සිටියේ.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳව ද පරීක්ෂණ කළ යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග ද පසුගිය දා සඳහන් කර තිබුණා.

මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.