Saturday, April 20, 2024

General line - 0115112241

දරුවන් දත්මිටි කන හේතුව සමීක්ෂණයකින් හෙළිවෙයි




පාසල්වියේ පසු වන ළමුන්ගෙන් වැඩි පිරිසක් නින්දේ දී දත්මිට කන හේතුව, ඔවුන් පාසලේ දී හිරිහැරයන්ට ලක්වීම බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. 

එවැනි ළමුන් දත්මිටි කෑමට පෙළඹීමේ ප්‍රවණතාව සාමාන්‍ය ළමයෙකුට වඩා හතර ගුණයකින් වැඩි බවයි එහිදී අනාවරණ වී ඇත්තේ. 

පාසලේ දී හිරිහැරයට ලක්වන සිසුන්ගෙන් සියයට 65ක් නින්දේ දී දත්මිටි කන අතර එසේ නොවන ළමුන් අතරින් දත්මිටි කෑමට පෙළඹෙන්නේ සියයට 17ක් වැනි ප්‍රතිශතයක්. 

දත්මිටි කෑම හේතුවෙන් හිසරදය, දත් ගෙවීම යාම සහ නිසි නින්දක් නොලැබීම සිදු වන බව විශේෂඥයින්ගේ අදහසයි. 

සිසු සිසුවියන් යොදා ගනිමින් බ්‍රිතාන්‍යයේ මුඛ සෞඛ්‍ය පිළිබඳ පදනම සිදු කළ සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණ වුණා.