Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 388ක ඉලක්කයක් 




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවෙනි ඉණිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 377ක් රැස් කළා. 

ඒ, පළමු ඉණිම සහා ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 346ට පිළිතුරු  වශයෙන්. 

අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 388ක ඉලක්කයක් හිමිවිය. 

ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ දක්වා වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගෙන ඇත්තේ 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 352කි.

සිකන්දර් රාසා ලකුණු 127යි. පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 133කට ඩුලූ 06ක් දවා ගත්තා. 
 







 

-----------------------------------------

සිය දිවියේ මංගල මොහොතක් 'ප්‍රේමදාස පිටියේ දැන් සනිටුහන් කළ' සිම්බාබ්වේ රාසා (UPDATE) (17-07-2017 / 10:04)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වූ අද අද(17) තරගය ආරම්භවී සුළු  වේලාවකින් ශතකය ලබා ගැනීමට සිකන්දර් රාසා සමත්වුණා.

එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකයයි.

ඊයේ  දිනය  නිමාවට පත්වන විට සිකන්දර් රාසා නොදැවී ලකුණු 97ක් ලබා සිටියා.

ඔහු අද ක්‍රීඩා කරන්නේ හත්වන ටෙස්ට් තරගයටයි.




-----------------------------------------

සිකන්දර් රාසා ශතකයක් අභිමුව සිටිමින් ශ්‍රී ලංකාවට එරෙහිව අද පිටියට බසී (17-07-2017 / 10:04)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි (17).  

ඊයේ  දිනය  නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 252ක් රැස්කර ගැනීමට සමත් වුණා.

මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 262ක් ඉදිරියෙන් සිටිනවා. 

තෙවන දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් සිකන්දර් රාසා සමග එක්වූ මැල්කම් වොලර් හත්වන කඩුල්ල සඳහා ලකුණු 107ක නොබිදිණු සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා. 

මෙහිදී සිකන්දර් රාසා නොදැවී ලකුණු 97ක් ලබා සිටිනවා.