Thursday, March 28, 2024

General line - 0115112241

නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගැනේ




මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගැනීම අද (17) පෙරවරුවේ නිල වශයෙන් සිදු කෙරුණා. 

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදීයි. 

ඊට අදාළ ගිවිසුමට අද අත්සන් කරනු ලැබුවේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින්. පසුව උත්සව සභාව ඇමතූ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල රෝහල පවරා ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

ඒ අනුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියට පවත්වාගෙන යනු ඇති. ඒ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මඟින්. 

සෞඛ්‍ය අමාත්‍යංශය යටතට අද දිනයේ පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු මස පළමු වනදා සිට ආරම්භ වනවා.