Saturday, April 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයට ඉවත් වෙන්න ලු




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාල සියලු කටයුතුවලින් ඒකාබද්ධ විපක්ෂය වහා ඉවත්විය යුතු බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසනවා.

එහි ලේකම් ආචාර්ය චන්න ජයසුමන කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලට දායක වුවහොත් රටට සිදු වන අවධානම සම්බන්ධයෙන් ඔවුන්ද වගකිව යුතු බවයි මෙහිදි  ප‍්‍රකාශ කෙරුණේ.