Thursday, April 25, 2024

General line - 0115112241

"පක්ෂ දෙකක් එකට වැඩ කිරීම අමාරුයි තමයි"




ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකට එක්ව කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රටේ යහපත වෙනුවෙන් අපහසුවෙන් හෝ එම තීරණය ගෙන ඇති බවයි. 

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍ය ආදායම් වෘත්තිකයන් වෙනුවෙන් ක‍්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පන්නිපිටිය ප‍්‍රදේශයේ අද (17) පැවති උත්සවයකට එක් වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

රට හමුවේ විශාල ණය බරක් තිබුණ ද සංවර්ධන ව්‍යාපෘතීන් අඩපණ නොකරන බවයි අගමැතිවරයා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ.