Saturday, April 20, 2024

General line - 0115112241

අහිමි කළ බදු සහන ගැන බන්දුල අස්ගිරිය සහ මල්වත්ත දැනුවත් කරයි




දේශිය ආදායම් පනත මගින් මෙරට ආගමික ස්ථානවලට ලබා දී තිබූ බදු සහනය නව සංශෝධනයෙන් අහිමි කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් අද (17) පෙරවරුවේ අස්ගිරි මහනායක හිමියන් සහ මල්වතු අනුනායකහිමියන් බැහැදැක යෝජිත බදු සංශෝධනය පිළිබඳ උන්වහන්සේලා දැනුවත් කළා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන  මාධ්‍ය  හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ "පංසල්, පල්ලි, කෝවිල් ඇතිළු සියලු ආගමික සිද්ධස්ථාවලට නව පනතෙන් සියයට 14 ක බද්ධක් පනවලා තියෙනවා. එකී ස්ථානවල ආදායම් බරපතල ලෙස බද්දට යටත් කරලා තියෙනවා." යනුවෙනි.

මේ වන විට ලංකාවේ ඇති බදු නීතිය 2006 අංක 10 දරණ දේශීය අදායම් පනත බවත් ඉන් පංසල්, පල්ලි, කෝවිල්, සිනමාකරුවන්, කලාකරුවන්, සංගීතවේදීන්, කතෘවරු, ගොවියන්, සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් ආදී අංශ ගණනාවකට විශාල බදු සහන ලබා දී ඇති බවත් පෙන්වා දුන්නා.