Saturday, April 20, 2024

General line - 0115112241

ආණ්ඩුවට උඩින් ඉන්න නායක ස්වාමීන්වහන්සේලාගේ උත්තරීතර සභාවක් ගැන යෝජනාවක්




රට නිවරැදි මාර්ගයට ගැනීම සඳහා සියලු ආගමික නායකයන්ගේ සහභාගීත්වය ඇතිව උත්තරිතර සභාවක් පිහිටුවන්නැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (17) මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියා.

ඒ, අද පෙරවරුවේ මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකිමෙන් අනතුරුවයි.

ඉන් අනතුරුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩි දුරටත් සඳහන් කළේ "ඉතාම ඉක්මණින් ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් යුත් උත්තරීතර සභාවක් හැදිය යුතුයි. එතනට අන්‍යාගමික නායකයින්වත් කැඳවන්න ඕනේ. මේ රට හරි මගට ගන්න නම් මේ දේවල් සිදුවිය යුතුයි. දැන් හිරේ ඉන්නේ හිරේ ඉන්න ඕන කට්ටියද?.. නිලධාරීන්ව හිර කරලා වැඩක් නැහැ.. නිලධාරීන් පිළිපැද්දේ ඉහළින් දීපු නියෝග.. නියෝග දීපු කට්ටියවයි අල්ලන්න ඕනේ. කොටියා තාම හොල්මන් කරනවා." යනුවෙනි.

රාජ්‍ය නිළධාරීයෙකු ගස් බැඳීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වූ චෝදනා පිලිබඳවද හිටපු අමාත්‍යවරයා එහිදී කරුණු දැක්වූවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ "මුං කියනවා මං ගස් බැන්දලු.. යකෝ.. ගස් බැන්ඳ හින්දා තමයි එදා ඩෙංගු රෝගය එතනින් නැවතුනේ. දැන් ලක්ෂයක් ඉන්නවා.. ඩෙංගු රෝගීන්. මම ගස් බැන්දේ නැහැ.. ඒ ළමයට කියලා මං ගස් බන්ද ගත්තා. මම කිව්වේ හොරාට හොරා කියපු එකයි..මිනීමරුවට මිනීමරුවා කියලා කෙලින් කියපු එකයි." ලෙසයි.