Tuesday, April 23, 2024

General line - 0115112241

"සයිටම් එකට ළමයි 100 ක් නෙමෙයි 500 ක් දාන්න දියුණු කරනවා"




මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දියුණු කිරීමට රජය තවදුරටත් උපකාර කරන  බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේ්නාරත්න අද (17) ප‍්‍රකාශ කළා.    

ඒ, මාළබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම වෙනුවෙන් පැවති උත්සවයේදීයි.

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ඉදිරියේදී ශික්ෂණ රෝහලක් ලෙස තවදුරටත් දියුණු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. 

"වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු දහදුක් විඳලා හදපු මේ රෝහල අපි ඊටත් වඩා හොඳින් නඩත්තු කරලා ඔබට දැකබලා ගැනීමට අවස්ථාව උදා කරලා දෙනවා. අගෝස්තු මාසේ 01 වැනිදා ඉඳලා මේ රෝහලේ කටයුතු අපි රජයේ රෝහලක් ලෙස ආරම්භ කරනවා. ඒ වගේම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් වෛද්‍ය පීඨය මේ වගේම දියුණු කරලා.. මේ රටේ රජයේ වෛද්‍ය පීඨවල ඉඩ නැති ශිෂ්‍යයින්ට මේ දොර ඇරලා.. ළමයි 100 ක් නෙමෙයි ළමයි 500 ක් දක්වා දියුණු කිරීමට අපි අවශ්‍ය සහයෝගය ඔහුට ලබා දෙනවා."  යනුවෙන්ද සඳහන් කළා.