Thursday, April 25, 2024

General line - 0115112241

සෞඛ්‍ය ඇමතිගේ වැඩ තව ඉවසන්නේ නැහැ - තීන්දුවක් ගන්නා බව වෛද්‍යවරු කියයි




නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සම්න්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කොළඹදී අද (17) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදි අදහස් දැක්වූ එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කලේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් අර්බුදයට විසඳුමක් නොලැබෙන බවයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් ප්‍රශ්නය අවසන් වන්නේ යැයි වැරදි මතයක් රටේ මැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න උත්සාහ දරමින් සිටින බවත් එම සංගමයේ ලෙක්ම් වෛද්‍ය හරිත අලුත්ගේ  කියා සිටියා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සයිටම් ගැටලුව විසඳීමට පැහැදිළි ස්ථාවරයන් ප්‍රකාශ කරමින් සිටියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සිදු කෙරෙන එම සාකච්ඡා ක්‍රියාවලිය කඩාකප්පල් වන අයුරින් කටයුතු කිරීමට  සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එළඹෙන 23 වැනිදා මධ්‍යම කාරක සභාව රැස්ව තීන්දු තීරණවලට එළඹෙන බවත් දන්වා සිටියා.

වෛද්‍ය සභාව විසින් පිළනොගන්නා කිසිඳු වෛද්‍ය සිසුවෙකුට රජයේ රෝහලකදී සායනික පුහුණුව ලබාදීමට කටයුතු නොකරන බවද මෙහිදී වැඩි දුරටත සඳහන් කෙරුණා.  

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තා නම් එහි රජයේ වෛද්‍යවරු සිටිය යුතු බවත් පෞද්ගලික ආයතනයකට එහිදී රෝගීන් විකිණීමේ හැකියාවක් නොතිබිය යුතු බවත් සඳහන් කළා.