Friday, March 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේ ඉලක්කය හඹා යන සිංහයන්ගේ කඩුලු 03 ක් ගැලවෙයි




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

ලකුණු 388ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලූ 03ක් දැවි ලකුණු 170ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17ක් ලබා සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු  49කට දැවී ගියා. නායක දිනේෂ් චන්දිමාල් රැස් කළේ ලකුණු 15 ක් පමණයි.

උපුල් තරංග ලකුණු  27කට දැවී ගියා. තරගය පැවැත්වෙන්නේ කොළම ආර් පේ‍්‍රමදාස ක‍්‍රිඩාංගණයේදීයි.