Thursday, April 25, 2024

General line - 0115112241

මුදල් විශුද්ධිකරණය ගැන ජනපති කතා කරයි




මුල්‍ය කළමණාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සෑම රටක්ම මුහුණ දි තිබෙන අභියෝග ජය ගැනීමට නම් ඒ පිළිබඳ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඇති කරගන්නා බැඳීම් ක‍්‍රියාත්මක කිරීමට සියලූ රටවල් ක‍්‍රියා කළ යුතු බවයි.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වන වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.