Thursday, April 25, 2024

General line - 0115112241

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහලක් වූ මොහොත (PHOTOS)




මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරුණා.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් ජනක සුගතදාස ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.

ඒ අනුව අගෝස්තු 01 දා සිට මෙම රෝහල රජයේ රෝහලක් ලෙස ක්‍රියාත්මක කෙරෙනවා.

ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත මෙම රෝහල රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් සමන්විතයි.

අක්කර 05 ක භූමිභාගයක හරිත සංකල්පය අනුව ගොඩනගා ඇති නෙවිල් ප්‍රනාන්දු රෝහල වර්ග අඩි 180,600 කින් යුක්තවන අතර මහල් 04 කින් යුත් ගොඩනැගිල්ලක් සහ මහල් 08 ක ගොඩනැගිලි දෙකකින් සමන්විතයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කසීම් සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.