Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව දිනවන්න අසේල සහ දික්වැල්ල සටනක (UPDATE)




ලකුණු 388 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 270 ක් ලබාසිටියා. 

නොදැවී පන්දුවට පහරදෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු 56 ක් සහ අසේල ගුණරත්න ලකුණු 26 ක් ලබාසිටිනවා. 

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 66 ක් ලබාසිටි කුසල් මෙන්ඩිස් දැවි ගියා. ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම සීමා වුයේ ලකුණු 25 කටයි. 


 

----------------------------------

තවත් ලකුණු  211ක් සොයා මැතිව්ස් සමග කුසල් පිටියට (18-07-2017 10:21)

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ දිනය නිමාවට පත්වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 170ක් ලබා සිටියා. 

එහිදී ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ක්‍රීඩා කළ අතර අද (18) දිනයේ පිටියට පිවිසි ඔවුන් මේවනවිට කණ්ඩායමේ ලකුණු තත්ත්වය කඩුලු 3 ක් දැවී 177 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අද දිනය තුළ තවත් ලකුණු 211ක් තරගයේ ජයග්‍රහණය සඳහා ඔවුන් රැස්කරගත යුතු වනවා.