Thursday, April 18, 2024

General line - 0115112241

මාස එකහමාරක් තිස්සේ 'ගං වතුර ආධාර වරායේ කුණු වෙන හැටි ගැන' තෙවරප්පෙරුම පෙන්වන අයුරු 




ගංවතුරට සහ නායයෑමට හසුවූ ජනතාවට බෙදා දීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් එවා ඇති ආධාර මාස එකහමාරකට වැඩි කාලයක් තිස්සේ රේගුව භාරයේ ඇති බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.

බදුවර්ග රැසක් ගෙවා අවසන් කරනතුරු ආධාර කන්ටේනර් නිදහස් කර ගත නොහැකිව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.


මදුරු දැල්,ආහාර වර්ග, පොත්, ඇඳුම්, පැදුරු, කූඩාරම් මෙම කන්ටේනර් තුළ ඇති අතර එහි ඇති ආහාර  වර්ග විනාශ වීමට ඉඩ ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

තමා ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් රැගෙන එවැනි කන්ටේනර් දෙකක් නිදහස් කර ගැනීමට ගියද ප්‍රමාද ගාස්තු සහ රැඳවුම් ගාස්තු ඇතුළු විවිධ බදුවර්ග රැසක් ගෙවා අවසන් කරනතුරු ආධාර කන්ටෙනර් නිදහස් කළ නොහැකි බවට රේගු නිලධාරීන් දැනුම්දුන් බවයි ඔහු පවසන්නේ

රජය මැදිහත්වී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත මෙම ආධාර ලබාදෙන්නේනම් එතැන් සිට මහජනතාවට ඒවා බෙදාහැරීමට අවස්ථාව තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.