Wednesday, April 24, 2024

General line - 0115112241

වී ලීඩ් ශ‍්‍රී ලංකා මධ්‍යම පළාතේ ඩෙංගු මඩින්න එක්වෙයි (UPDATE)




නෙත් නිවුස් වී ලීඩ් ශ‍්‍රී ලංකා ඩෙංගු මර්දන වැඩසටහන මධ්‍යම පළාත තුළ අද (20) ක‍්‍රියාත්මක කෙරෙනවා.

වැඩසටහන ආරම්භ කෙරෙන්නේ ඓතිහාසික ශ‍්‍රී දළඳා මාළිගා පරිශ‍්‍රය අභියසින්.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මෙහි ක්‍රියාකාරී සහයෝගය ලබා දෙනවා.





 

------------------------------------

වී ලීඩ් ශ‍්‍රී ලංකා අද කෝට්ටේ හෙට මධ්‍යම

(2017 - 07 - 19 07:29)

වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ ක‍්‍රියාත්මක නෙත් ඩෙංගු මර්දන මෙහෙයුම සමග ශ‍්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ප‍්‍රාදේශීය මහලේකම් කාර්යාලය ද අත්වැල් බැද ගෙන තිබෙනවා.

ඒ අනුව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් රැසක්  සංවිධාන කිරීමටයි ඔවුන් කටයුතු යොදා ඇත්තේ.

ඒ පිළිබඳ අදහස් දැක් වූ 519 බී නුගේගොඩ බටහිර ග‍්‍රාම නිලධාරී මනෝජ් උපශාන්ත සඳහන් කළේ අද දිනයේ සියයක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ඩෙංගු මර්දන වැඩසටහන දියත් කරන බවයි. 

මධ්‍යම පළාතම ආවරණය වන පරිදි සිදු කරන ඩෙංගු මර්දන මෙහෙයුමක් ද හෙට (20) පැවැත්වෙනවා. ඒ ‘‘පරිසරය පූජනීයයි ’’ යන තේමාව යටතේයි.