Thursday, March 28, 2024

General line - 0115112241

නව ඉරියව්ව නිවරැදි බව කියන ශමින්ද එරංගගේ පරණ ඉරියව්වේ සුපිරි පන්දු යැවීම (VIDEO)




ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ශමින්ද එරංගට එරෙහි ක‍්‍රිකට් තහනම ඉවත් කර ඇති බව ඊයේ (18) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

ඒ, ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලය තහවුරු කිරීමත් සමගයි. 

ඉකුත් වසරේ මැයි මස 31 වැනිදා එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තීරණය කළා.

ඒ අනුව ශමින්ද එරංග මේ දක්වා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිඳු තරගයකට සහභාගි වුණේ නැහැ. 

ශමින්ද එරංගගේ නව ඉරියව්ව පිලිබඳ ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති පරීක්ෂණයකින් අනතුරුවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලය ඔහුට එරෙහි තහනම ඉවත් කර ඇත්තේ.

ඔහුට පන්දු යැවීමට අවසර හිමිවුව ද සැක කටයුතු යමක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තා කිරීමට විනිසුරුවන්ට තවදුරටත් හැකියාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ශමින්ද එරංගගේ පන්දු යැවීම පිළිබඳ වීඩියෝ දර්ශණ සහ ඡායාරූප ද ක්‍රිකට් විනිසුරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවද සඳහන්.

ඒ අනුව නව පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විනිසුරුවන්ට අධ්‍යයනය කර ඒ සම්බන්ධ අවධානයෙන් පසුවිය හැකි බවයි ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මීට පෙර පැවැති තරගයකදී ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ආක්‍රමණශීලි විලාශය දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වෙයි.