Friday, April 19, 2024

General line - 0115112241

ජෙනිෆර් ලෝපේස් එක්ක එකට ඉන්න සාදයක්  ඩුබායි ඉන්න අයට හිමි වෙනවා - තොරතුරු මෙතැනින් 




ජෙනිෆර් ලෝපේස්  සුපිරි ගායකයකු හෝ ගායිකාවක නොකරන අංගයක් සමගින් ඩුබායි සංගීත ප්‍රසංගයකට එක්වන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

නොවැම්බර් මාසයේ 17 වන දින AUTISM ROCKS ARENA - DUBAI OUTLET MALL හිදී මෙම ප්‍රසංගය සමග ඇය සියල්ලන්ටම තමන් සමග සහභාගිවිය හැකි සාදයක් ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ජෙනිෆර් ලෝපේස්  2014 වසරේ දී ද  මැදපෙරදිග රටවල් කිහිපයක සංගීත ප්‍රසංග පැවැත්වූ අතර එම  ප්‍රසංග  නම්කර තිබුණේ ‘Dance Again’ ලෙසයි.


47 හැවිරිදි ජෙනිෆර් ලෝපේස් අතිසාර්ථක නිළියක් වුණත් අසාර්ථක විවාහ තුනකින් වෙන්වුණු කෙනෙක් ලෙසයි සැලකෙන්නේ. 

ඇය පසුගිය දා  නැවතත් ආදරය කරන්න පටන් ගෙන ඇති අතර ඒ බේස්බෝල් ක්‍රීඩකයෙක් වුණු ඇලෙක්ස් රොඩ්රිගුවන් සමග බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ. 

41 හැවිරිදි ඔහුද විවාහකයෙක් වනවා. 

ජෙනිෆර් ලෝපේස්ගේ  වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18 ඉක්මවනවා.

ඇගේ සම්පුර්ණ  වත්කම අමෙරිකානු  ඩොලර් මිලියන 300ක් වනවා.