Thursday, April 25, 2024

General line - 0115112241

අනුරාධට ඔලිම්පික් නායකත්වය




2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මැරතන් ධාවන ශූර අනුරාධ ඉන්ද්‍රජිත්  කුරේ නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව රැස්වී අද (19) මෙම තීරණයට එළඹි බවයි ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඒ අනුව රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා ජාතික ධජය රැගෙන යෑමේ අවස්ථාවද අනුරාධට හිමිවනවා.

ඔහු මැරතන් ඉසව්වෙන් තෙවරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කර තිබෙනවා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වනවා.

13816740_10210129206532984_248807995_n