Friday, April 19, 2024

General line - 0115112241

ලන්ච් ෂීට්වලට ආදේශකයක්




ලන්ච් ෂීටවලට කදිම ආදේශකයක් ලෙස කෙසෙල් කොළ පදම් කර කල් තබා ගැනීමෙන් ප‍්‍රයෝජන ගත හැකි තාක්‍ෂණයක් පිළිබද මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ හම්බන්තොට වැලිගත්ත ග‍්‍රාමීය තාක්‍ෂණ විද්‍යා ආයතනය විසින් මේ පිළිබඳ පරීක්‍ෂණයක්ද සිදුකළා.  

ඒ පිළිබඳව අදහස් දක්වන එහි ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජාතා වීරසිංහ සඳහන් කළේ මෙම ක්‍රමවේදය ඉතා සරල වුවද ඒ සඳහා යොමු වන්නන් අඩු බවයි. කෙසේවෙතත් පොලිතීන් තහනමත් සමග මෙම ක්‍රමය ප්‍රචලිත කිරීමෙන් පරිසරයට ආරක්ෂාවක් මෙන්ම ජනතාවට ආදායම් මාර්ගයක්ද සැකසෙන බව සඳහන් කළා.

කෙසෙල් කොළ කල් තබා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය සිය තාක්‍ෂණ විද්‍යා ආයතනය මගින් ලබාදීමට සූදානම් බවද මෙහිදී සඳහන් කළා.