Tuesday, April 16, 2024

General line - 0115112241

වෛද්‍යවරු කලකිරෙයි




ඉදිරි දින කිහිපය ඉතාමත් තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සඳහන් කළේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය ගැසට් කිරීමට හෝ බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා කිරීම ඵල රහිත බවයි. 

සයිටම් ගැටළුව විසඳා ගැනීමට අමාත්‍ය රාජිත සේනාරත්න කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ. 

කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ සෞඛ්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය ගැසට් කිරීමට රජය කටයුතු කරන බවයි.